Category: Press Releases

අන්තර්ජාලය මඟින් සිදු කරන අසත්‍ය පුවත් පාලනයට ගෙන ඒමට සූදානම් නව නීතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අහිතකර එකක් විය හැකියි.

අන්තර්ජාලය මඟින් සිදු කෙරෙන අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශවලින් ආරක්ෂා වීමට අවශ්‍ය නීති පැනවීමට අදාළ පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහසට ඉතාමත් අහිතකර එකක් විය හැකි බවට අනතුරු අඟවන…

නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් වහාම නිදහස් කර ඔහුට පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි

නිදහස්  මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එය දැඩි සේ හෙළා දකී. අප්‍රේල් මස 07 වැනිදා කොළඹදී පැවති සෞඛ්‍ය සේවක විරෝධතා ව්‍යාපාරයක් අතරතුරදී මරදාන පොලීසිය විසින් මලික…

මාධ්‍ය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය බරපතල අනතුරු ඇඟවීමක්! – මාධ්‍ය සංවිධාන එකතුව

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වළපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, යෝඹුවැල්තැන්න ප්‍රදේශයේදී මාර්තු 20 වැනිදා පැවැති ගම සමඟ පිළිසඳර වැඩ සටහනට සහභාගී වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනමාධ්‍ය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය අදහස් ප්‍රකාශ කිරීමේ සහ  මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් බරපතල අනතුරක සේයාවක් මතු කරන බව ප්‍රකාශ කරන මාධ්‍ය…

මාධ්‍යවේදියකු පැහැර ගෙන යෑමේ සිදුවීම පිළිබඳ සත්‍යය වහා හෙළිදරව් කළ යුතුයි!

සුජීව ගමගේ නම් නිදහස් මාධ්‍යවේදියකු පැහැර ගෙන ගොස් වදහිංසා පමුණුවා අතහැර දමා යෑම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල අනතුරු ඇඟවීමක් සේ සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු අනාවරණය කරන ලෙස රජයට අවධාරණය කර සිටී. සුජීව ගමගේ ප්‍රකාශ කළ අන්දමට සහ වාර්තා…

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අධෛර්යමත් කරන ක්‍රියාවලින් රජය වැළකිය යුතුයි

සිංහරාජය ආසන්නයේ වනාන්තරය  විනාශ කිරීම සම්බන්ධයෙන් රක්වානේ භාග්‍යා අබේරත්න නම් තරුණිය විසින් පළ කරන ලද අදහසට එරෙහිව ආණ්ඩුවේ බලධාරින් දක්වන ලද  ප්‍රතිචාර හා පොලීසියේ ක්‍රියාකාරිත්වය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීමක් සේ සලකන නිදහස්  මාධ්‍ය ව්‍යාපාරය එය දැඩිසේ හෙළා දකියි. සිරස රූපවාහිනියේ ”ලක්ෂපති”  වැඩසටහනකට සහභාගි…

1973 අංක 5 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත අහෝසි කළ යුතුයි!

එය ප්‍රතිසංවිධානයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි සේ විරුද්ධයි! වසර පනහකට ආසන්න, මාධ්‍ය නිදහසට දැඩි සේ හානිකර නීතිමය අවරණයන් සහිත යල්පැන ගිය නීතියක් වන පුවත්පත් මණ්ඩල පනත ප්‍රතිසංවිධානයට දැඩි සේ විරෝධය පළ කරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම පනත අහෝසි කරන…

මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුයි.

මියන්මාරයේ ප්‍රජතාන්ත්‍රවාදි ආණ්ඩුව පෙරළා දමා හමුදාව විසින් රාජ්‍ය බලය අල්ලා ගැනීම එරට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බරපතල අභියෝගයක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනතාවට තොරතුරු සන්නිවේදනය වැළැක්වීමේ අරමුණෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බලවත් කනස්සල්ල පළ කරයි. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ අන්දමට පෙබරවාරි 01 දින පසුගිය  මහා මැතිවරණයෙන් බලයට…

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමේ ඇති අයිතියට එල්ල වන බාධා පරාජය කළ යුතුයි!

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අවිචාරවත් ලෙස අවහිර කෙරෙන සහ ඊට බාධා කෙරෙන අන්දමේ  ප්‍රවණතාවයක් හඳුනාගෙන ඇති නිදහස් මාධ්‍ය ව්‍යාපාරය  ඒ පිළිබද සිය බරපතල කණස්සල්ල පළ කර සිටියි. කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරැණු අතර, ඒ සම්බන්ධයෙන්…

සංදේශය ගුවන් විදුලි වැඩ සටහන නවතා දැමීම කණස්සල්ලට කාරණයක්

”සංදේශය ගුවන් විදුලි වැඩ සටහන” 2020 දෙසැම්බර් 1 වෙනිදා සිට නවතා දැමීමට  තීරණය කිරීම, වඩා ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය අවකාශයන් වෙනුවෙන් පෙනී සිට ඇති  බීබීසී වැනි මාධ්‍ය ආයතනයක් විසින් නොගත යුතු පියවරක් බව ප්‍රකාශ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ සම්බන්ධයෙන් සිය බලවත් කණස්සල්ල පළ කර සිටී. පැය…

ශ්‍රී ලංකාව, ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් සහිත රටක්!

නොවැම්බර් 02 යෙදෙන ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වන දණ්ඩ මුක්තිය අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිකුත් කරන මාධ්‍ය නිවේදනය ශ්‍රී ලංකාව, ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් සහිත රටක්! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක්…