Category: Press Releases

මාධ්‍යවේදී මංජුල වැඩ තහනම් කරයි – වහා යුක්තිය ඉටු කරන මෙන් ජනමාධ්‍ය ඇමති ඩලස්ට කියයි.

    2021.12.27 මාධ්‍ය නිවේදනය මාධ්‍යවේදී මංජුල සමරසේකරගේ වැඩ තහනම් කරයි – වහා යුක්තිය ඉටු කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍ය ඇමති ඩලස්ට කියයි. ලෙක්හවුස් ආයතනයේ ඩිජිටල් මාධ්‍ය දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී මංජුල සමරසේකරගේ සේවය අත්හිටුවන බව 2021/11/25 දිනැතිව නිකුත් කරන ලද  ලිපියකින් එම ආයතනයේ මානව…

අසාද් සාලි තීන්දුව, නීතිය අවභාවිත කළ බව පෙන්වා දුන් අවස්ථාවක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍ය නිවේදනය- 2021-දෙසැම්බර්- 07 තමන් විසින් කරන ලද ප්‍රකාශයක් මත අත්අඩංගුවට පත් ව අධිකරණ ක්‍රියාදාමය අවසන් වන තෙක් සිරගතව සිටි අසාද් සාලි නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කිරීම, නීතිය අවභාවිතා කිරීමට දේශපාලන බලාධිකාරීන් උත්සාහ දරන අන්දම පෙන්වා දෙන අවස්ථාවක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන්…

සරණාගතබව අපේක්ෂා කරන ඇෆ්ඝන් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සහන සැලසීම

    2021 සැප්තැම්බර් 6 ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍ය, අංක 163, ඇසිදිසි මැදුර (ජනමාධ්‍ය අමාත්‍යාංශය), කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05. ජී එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍ය, විදේශ කටයුතු අමාත්‍යංශය, ජනරජ ගොඩනැගිල්ල, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01. හිතවත් අමාත්‍යතුමනි, සරණාගතබව අපේක්ෂා කරන ඇෆ්ඝන්…

සෙල්වකුමාර් නිලන්තන් මඩකළපුව-ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු ලබාදෙන ලෙස සිදුකරන බල කිරීම් සම්බන්ධවයි.

07. 14 පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස් මුලස්ථානය, කොළඹ. පොලිස්පතිතුමනි,  ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු ලබාදෙන ලෙස සිදුකරන බල කිරීම් සම්බන්ධවයි. විධිමත් නොවන පරීක්ෂණයන් සඳහා ජනමාධ්‍යවේදීන් පොලිස් ස්ථානයන් වෙත කැඳවා ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන් පිළිබඳව හා තොරතුරු වාර්තාකරණයන් පිළිබඳව  විස්තර විමසමින් තිබෙන බව මාධ්‍ය සංවිධාන එකතුව වෙත වාර්තා වී ඇත….

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ෆේස්බුක් ඔස්සේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දක්වන ලද තර්ජනාත්මක ප්‍රතිචාරය සම්බන්ධවයි.

          2021-07-02 චන්දන වික්‍රමරත්න මහතා, පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ.   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ෆේස්බුක් ඔස්සේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දක්වන ලද තර්ජනාත්මක ප්‍රතිචාරය සම්බන්ධවයි.      පොලිස්පතිතුමනි,             මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ බෙදාගන්නා ලද ප්‍රවෘත්තියකට…

මාධ්‍ය නිවේදනය විරෝධතාවල නිරත පිරිස් අනීතිකව අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමක් –

      08.06 මාධ්‍ය නිවේදනය විරෝධතාවල නිරත පිරිස් අනීතිකව අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමක් –  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය. ජනතාවට බලපාන  පොදු ගැටලු  සහ තමන්ගේ වෘත්තීය ගැටලු වෙනුවෙන් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල යෙදුණු සංවිධාන සහ වෘත්තිය සංගම් නායකයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කරන නීති…

පරිපාලන සේවයේ චමිල ජයසිංහ අත්අඩංගුවට ගැනීම, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමේ නව ස්වරූපයක්.

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළව තිබූ පෝස්ටුවක් බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබියදී පවතින වසංගත තත්ත්වය හමුවේ කල් ඉල්ලා සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ චමිල ඉන්දික ජයසිංහ අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ නව ආකාරයක තර්ජනයක් ලෙස නිදහස් මාධ්‍ය…

සෞඛ්‍ය ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ හා නිලධාරීන් වෙත නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් ලිපිය වසංගත තොරතුරු වසං කිරීමට ගත් උත්සාහයක්.

ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට බලපාන ආයතන සංග්‍රහයේ වගන්ති කිහිපයක් උපුටා දක්වමින්, එම විධිවිධාන නොසලකා සෞඛ්‍ය සේවාවට අදාලව  මාධ්‍ය වෙත තොරතුරු සපයන සියලු පුද්ගලයන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවට අනතුරු ඇඟවීමේ ලිපියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ සහ නිලධාරීන් වෙත…

ඊශ්‍රායලය විසින් ගාසා තිරයේ මාධ්‍ය ආයතන පිහිටි ගොඩනැගිලි විනාශ කිරීම හා සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාර ලෝක ප්‍රජාව විසින් දැඩි සේ හෙළා දැකිය යුතුයි.

ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර හේතුවෙන්  මාධ්‍ය ආයතන පිහිටි පලස්තීනයේ ගාසා තීරයේ ගොඩනැගිල්ලක් මුලුමනින්ම විනාශ වී ඇති අතර මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව බරපතල ලෙස තර්ජනයට ලක් වී ඇත. විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව මැයි 13 වෙනිදා එල්ල කළ ප්‍රහාරයෙන්, දේශීය මාධ්‍ය ආයතන මෙන්ම…

සාමකාමී විරෝධයට ඇති අයිතිය අහිමි කිරීම භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය අහිමි කිරීමක්-මාධ්‍ය සංවිධාන එකතුව#

ප්‍රභූ රථ පෙළකට යෑම සඳහා පොලිසිය විසින් ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය නතර කිරීමට එරෙහිව පසුගිය දිනෙක සාමකාමී විරෝධයක් දැක්වීමට මූලික වූ බත්තරමුල්ල ප්‍රදේශයේ තරුණයෙකු  පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළා යැයි පවසමින් අත්අඩංගුවට ගත් බව ජනමාධ්‍ය අද (30) උදෑසන වාර්තා කර තිබූ අතර, මෙවැනි අත්අඩංගුවට ගැනීම්…