මාධ්‍ය තුළ යහපත් පරිශිලනයක් සහ වෘත්තීය ප්‍රමීතීන් වල අවශ්‍යාවය අවධාරණය කළ මුල්ම මාධ්‍ය සම්බන්ධ ආයතන අතර ‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරය’ සිටී.
1992 දී සංස්කෘතික අනන්‍යතාවය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීඝ්‍ර ලෙස තර්ජනයකට ලක්වෙමින් පවතින වකවානුවක මාධ්‍යවේදීන් සුළු පිරිසක් ඇතුළු සමාජ හා සංස්කෘතික ක්‍රියාකාරින්ගෙන් යුත් මිශ්‍ර කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කරන ලදී. මහජන සන්නිවේදන මාධ්‍ය නිදහස සඳහා වු කුඩා ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළ මෙය ඉතා ඉක්මනින් ස්වේච්ඡා ක්‍රියාකාරිත්වය සහ මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටිිමේ වාර්තාවක් සහ විශ්වාසයක් ගොඩනඟා ගත්තේය. එනම්
(අ) වඩ වඩාත් කටුක දේශපාලන මර්දනයයෙන් පීඩාවට පත්වු මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම
(ආ) රජයේ ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග විවේචනය කිරීම.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැන කැරැලිවලට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් විවිධ නව නීති යටතේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කප්පාදු කිරීමට එරෙහිව කරන අරගලයද ‘ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ’ කාර්යභාරයේ කොටසක් බවට පත් වි තිබේ.

මාධ්‍ය තුළ යහපත් පරිශිලනයක් සහ වෘත්තීය ප්‍රමීතීන් වල අවශ්‍යාවය අවධාරණය කළ මුල්ම මාධ්‍ය සම්බන්ධ ආයතන අතර ‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරය’ සිටී.

දශක දෙකකට වැඩි කාලයක් පුරා, ජාතික ප්‍රතිපත්ති හෝ ආයතනික හෝ ව්‍යස්ථාදායක ප්‍රතිසංස්කරණ අරමුණු සඳහා ප්‍රවෘත්ති මාධ්‍ය මහජන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සංස්කෘතික අනන්‍යතාවය සහ අයිතිවාසිකම් පිළිබඳ පොදු සංවාද සහ එවැනි විවිධ අවස්ථාවලදි වක්‍රව හා සෘජුව අදහස් හා යෝජනා සමඟ ‘ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය’ ක්‍රියාකාරිව දායක වි ඇත. මේ සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මැදිහත් වීම් පිළිබඳ කැපි පෙනෙන අවස්ථා සමහරක් නම් පොදු මාධ්‍ය ආයතන පිළිබඳ ආර්.කේ.ඩබ්.ගුණසේකර කමිටු වාර්තාව සහ පසුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව කැපි පෙනෙයි. මෙම මුලාරම්භයන් ඉදිරියට ගෙන යමින් වර්තමානයේ ‘ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය’ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා වන ප්‍රධාන සැලසුම් (Blue Print for Media Reform) වෙනුවෙන් පෙනී සිටී. මෙම වාර්තාව සකස් කිරීමේදී මාධ්‍ය සංවිධාන, විශ්ව විද්‍යාල ශාස්ත්‍රවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් / වාර්තාකරුවන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ අදහස් සැලකිල්ලට ගන්නා ලදී.

‘ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය’ මාධ්‍ය තුළ යහපත් පරිශිලනයන් සහ වෘත්තීය ප්‍රමීතීන් වල අවශ්‍යතාවය අවධාරණය කළ මුල්ම මාධ්‍ය සම්බන්ධ ආයතන අතර සිටී.

ප්‍රවෘත්ති මාධ්‍ය තුළම යහපත් පරිශිලනයන් සහ වෘත්තීය ප්‍රමීතීන්වල අවශ්‍යතාවය අවධාරණය කළ මාධ්‍ය ආශ්‍රීත ආයතන අතර ‘ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය’ ද වේ. මෙහිදි ‘ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය’ හුදෙක් සාම්ප්‍රදායික තොරතුරු නිරවද්‍යතාවයේ හොඳම භාවිතයන් පිළිබඳ ගැටළු පමණක් නොව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ජනවාර්ගිකත්වය වැනි සාමජයේ වෙනස්කම් කිරීම්වලට, කොන් කිරීම්වලට භාජනය වන තීරණාත්මක ගැටළු සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇත. මීට අමතරව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අනෙකුත් ප්‍රධාන මාධ්‍ය ආයතන වන කතෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සමඟ හවුල් වි ඇති අතර ‘ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය’ එහි ආරම්භක පාර්ශවකරුවෙක්ද වේ.

‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරය’ අන්තර්ජාලය පදනම් කරගත් සන්නිවේදනයේ ගැටළු පිළිබඳ සහ වර්තමානයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හා ජන සන්නිවේදනයේ ප්‍රමුඛ්‍යා විය හැකි මෙම අංශය වඩාත් සමාජමය වශයෙන් වගකිවයුතු හා ගැටුම් සංවේදී භාවිතයන් සහ කළමනාකරණයක අවශ්‍යතාවය මතු කල මුල් ක්‍රියාකාරිකයෙකුදවේ.

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සහ ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ පිළිබඳ පුළුල් සාකච්ඡාවකට දායකත්වයක් ලෙස 2017 දී ‘ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය’ මාධ්‍ය ප්‍රතිපත්ති දැක්ම අඩංගු ලේඛනයක් දියත් කළේය.

දැක්ම :  ‘වගකිවයුතු මාධ්‍ය සංස්කෘතියක් ඇති සමාජයක්’

මෙහෙවර:   ‘නිදහස් මාධ්‍ය සංස්කෘතියක් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම පිණිස මාධ්‍ය පර්යේෂණ, මාධ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් පෙනී සිටින සහ ජාලකරණය සඳහා දායක වන,සමාජ සංවර්ධනය සඳහා දායක වන සමාජ වගකීමක් සහිත වෘත්තිකයින්වීමට මාධ්‍යවේදීන් පුහුණු කිරීම’.

WHO WE ARE

Free Media Movement
Sri Lanka

The Free Media Movement (FMM) is media freedom watchdog organization of Journalists from Sri Lanka.

FMM evolved out of the standing committee of journalists, which was formed in late 1991. The standing committee was formed by a group of journalists and media personnel as a reaction to the then government of Sri Lanka to introduce a Media Commission.Since then FMM has been active in all areas relating to media freedom, defending the rights of journalists and media people. FMM also has called for reform of legislation, agitating against censorship and intimidation of media personnel and standing for broad principles of democratic and human rights.It also has developed an extensive network of links with other media freedom and human rights groups locally and internationally.