ගෝලීය වසංගත අර්බුදයට සාමූහිකව මුහුණ දිය හැකි පොදු ජන විඥානයක් ගොඩනැගීමට මැදිහත් වන්න – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
කොව්ඩ් 19 වසංගත උවදුරට මුහුණ දීම සඳහා ප්‍රබල සාමූහික සමාජ ප්රයත්නයක් අවශ්‍යව තිබෙන මොහොතක විවිධ මුහුණුවරින් පැන නගින වාර්ගික හා ආගමික අන්තවාදී බලපෑම් එම සාමූහික සමාජ ප්රයත්නයට බරපතල අභියෝගයක් හා තර්ජනයක් වී ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජාති හා ආගම්වාදි අගතිදායක වාර්තාකරණයන් සිදුවන අයුරු නිරීක්ෂණය කළ හැකිය. එබඳු අවස්ථාවන්හිදී කිසිදු වාර්ගික, ආගමික හෝ දේශපාලන පක්ෂ භේදයකින් තොරව සාධාරණ ලෙස නීතිමය පියවර ගත යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටී.
මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා විශ්ව විද්‍යාල වෙද්යපීඨාධිපති වරුන් නිකුත් කර ඇති නිවේදන මගින්ද ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇත. ‘විශේෂයෙන් සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුලින් අසමගිය පැතිරවීමේ ප්‍රකාශ වැඩි වැඩියෙන් වාර්තා වන අතර එතුළින් ජනිත වන යම් මතවාදයක් නිසා රෝග තත්ත්වයන් වසන් කිරීමට මිනිසුන් යොමු විය හැකි බව’ බවට අනතුරු හඟවා තිබිම ද සුළු කොට තැකිය නොහැක.
එබැවින් විවිධ මුහුණුවරින් මතු වියහැකි මෙවැනි ජාතිවාදි හා ආගම්වාදි අගතීන් සමනය කොට පවතින ගෝලීය වසංගත අර්බුදයට සාමූහිකව මුහුන දිය හැකි පොදු ජන විඥානයක් ගොඩනැගීමට මැදිහත් වනලෙස මෙරට සියළු ආගමික,ජාතික හා දේශපාලන නායකත්වයන්ගෙන් මෙන්ම විශේෂයෙන් ජනමාධ්‍ය ආයතන වලින්, ජනමාධ්‍යවේදීන්ගෙන් සහ සමාජ මාධ්‍ය පරිශීලක පුරවැසියන්ගෙන් ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලාසිටී.
photo: readme.lk