මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන මෙන් ඉල්ලීම.
Other
0
04/01/2025
පොලිස්පතිතුමා,
පොලිස් මූලස්ථානය,
කොළඹ 02.
පොලිස්පතිතුමනි,
මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන මෙන් ඉල්ලීම.
කිලිනොච්චියේ සිට මාධ්‍ය වාර්තාකරණයේ නිරත නිදහස් මාධ්‍යවේදී තමිල් චෙල්වම් මහතා සහ අම්පාර දිස්ත්‍රික් ජනමාධ්‍ය සංගමයේ සභාපති අචල උපේන්ද්‍ර මහතා පසුගිය දින කිහිපය ඇතුළත මැර ප්රහාරයන්ට ලක් වූ බව අප වෙත වාර්තා වී ඇත.
මාධ්‍යවේදී තමිල් සෙල්වම් මහතාට පහරදීම මෙන්ම ඔහු පැහැරගැනීමටද උත්සාහ දරා ඇත. මාධ්‍යවේදී අචල උපේන්ද්‍ර මහතාට පහරදී කැමරා ආම්පන්නවලට හානි සිදු කර ඇත්තේ වැලි ජාවාරම්කරුවන් පිරිසක් බව ඔහු සඳහන් කරයි.
මෙම සිදුවීම් දෙකම දැඩි පිළිකුළෙන් යුක්තව හෙළා දකින අප නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙවැනි සිදුවීම් ප්රජාතන්ත්රවාදී අවකාශයක භාෂණයේ හා ප්රකාශනයේ නිදහසට එල්ල වූ දැඩි තර්ජනයක් ලෙස දකිමු.
එසේම මෙවැනි පහරදීම් හා තර්ජනය කිරීම් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතුවලට බාධාකාරී ලෙස බලපායි.
පසුගිය පාලන සමයන්හී මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධවලට අදාළ යුක්තිය ඉටු වීමේ ක්‍රියාවලිය අවසන්ව නොමැති පසුබිමක තවදුරටත් මෙවැනි අපරාධ සිදුවීම ශිෂ්ඨ සම්පන්න සමාජයක් ලෙස අනුමත කළ නොහැකිය.
එබැවින් කඩිනමින් පරීක්ෂණ දියත් කොට මෙකී පහරදීම්වලට අදාළ වගකිවයුත්තන් හඳුනාගෙන නිසි නීතිමය පියවර ගන්නා ලෙසද ශ්‍රී ලංකා පොලීසිය මේ සම්බන්ධයෙන් දැනටමත් පියවර ගෙන ඇත්නම් ඒ පිළිබඳව අප දැනුවත් කරන මෙන්ද ඉල්ලා සිටින අතර පොලීසියේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අප අවධානයෙන් පසුවන බවද දැනුම් දීමට කැමැත්තෙමු.
Related Posts
Leave a Reply Cancel reply
Tags
# Afgun Refugees #Afghanistan #Samsn#
#Arabitrary_Arrest
#Azath_Salley
# Digital Journalist
#Federation of Media Employees Trade Union
#Freedom_Of_Expression
#Free Media Movement
#ICCPR
#investigations against journalists
#Keerthi Ratnayake
#Lake House
#Manjula Samarasekara
#Media Organisations Collective
#PTA
# R. Sivarajah
#Right to Decent Jobs
#Sri Lanka Muslim Media Forum
#Sri Lanka Working Journalists Association
#Sri Lanka Young Journalists’ Association
#Tamil Media Alliance
#Thamilan newspaper
#Thushara Wanniarachchi
# violation of the freedom of speech and expression
Refugee Convention